Auto Electrical Basic (Sinhala) 2


                                              BATTERY



මෝටර් රථ විද්ලි කාර්මික අංශයේදී ඉතාමත්ම වැදගත් වන අංගයක් ලෙස බැටරිය හැඳින්විය හැක. මන්ද , වාහනයේ ඇති ප්‍රධානම විදුලි සැපයුම බැටරියයි. වර්තමානයේදී බොහෝ වාහන වල ක්‍රියාකාරීත්වයට බැටරිය සම්බන්ධවී ඇත. ඒවායේ සියලුම විදුලි උපකරණ ක්‍රියා කරන්නේ බැටරියෙන් ලබා දෙන විදුලිය මතය. විශේෂයෙන් දිනෙන් දින නිශ්පාදනය වන මෝටර් රථ විදුලිය උපයෝගී කර ගැනීම අතින් ඉතා දියුණු මට්ටමක සිටින බව පෙනේ. වාහනයක සැප පහසුව, ආරක්ෂාව ආදී අංශ දෙස බැලුවහොත් අනිවාරයෙන් විදුලිය සම්බන්ධ කරගෙන ඇත. එනම් බැටරිය සම්බන්ධ කර ඇත.
          එමෙන්ම වාහනයේ එන්ජිමේ ක්‍රියා කාරිත්වයට බැටරිය බොහො ලෙස දායක වේ. පෙට්‍රල් එන්ජිමකනම් එහි දහන පද්ධතියේ ක්‍රියා කරඉත්වයටද, ඩීසල් එන්ජිමක නම් එහි මුල් ක්‍රියාකාරිත්වය ලබාදීමටද බැටරිය උපයෝගී වේ. එම නිසා බැටරිය වාහනයකකට නැතුව්ම බැරි දෙයකි. එමනිසාම බැටරිය පිළිබඳ දීර්ග අධ්‍යනයක් කිරීම වැදගත් වේ.      



වාහනයක ක්‍රියාකාරීත්වයට අවශ්‍යවන වැදගහ් අංගයක් ලෙස බැටරිය සරළව හැඳින්විය හැක. බැටරිය යනු රසායනික ශක්තිය ව්ද්‍යුත් ශක්තියට පරිවර්තනය කරා විද්‍යුත් රසායනික උපක්‍රමයකි.
බැටරිය,
·       Starting System
·       Charging System
·       Ignition System
·       Accessories System
·       Audio System

ඉහත සඳහන් පද්ධති වලට බලය දීමට ක්‍රියා කරයි. බැටරියේ වෝල්ටීයතාව (V)  සහ ධාරිතාව (Ah) මගින් පෙන්නුම් කරයි. වාහනය ධාවනය වෙමින් පවතින අවස්ථාවේදී වහනයේ විදුලි අවශ්‍යතාව සපුරාලන්නේ වාහනයේ එන්ජිම මගින් ක්‍රියා කරන විදුලි ජනකයක් මගිනි. වාහනයේ එන්ජිම ක්‍රිය නොකරන අවස්ථාවක හෝ විදුලි ජනකයෙන් උත්පාදනය වන විද්‍යුත් ශක්ති ප්‍රමාණය වාහනයේ අවශ්‍යතාවයට වඩ අඩු වූ විට සීමා සහිත කාලයක් සඳහා අවශ්‍ය විද්‍යුත් ශක්ති ප්‍රමණය සැපයීම බැටරියේ තවත් කාර්‍යයකි.
බැටරිය පිළිබඳ කතා කිරීමේදී ප්‍රධාන බැටරි වර්ග දෙකක් දක්නට ලැබේ. එනම්,
1.    Wet Battery
2.    Dry Battery        

Dry Battery

        Dry battery යනු ඇතුලත ද්‍රාවණය වාතය රහිත (නයිට්‍රිජන් පමණක් ඇති) ලෙස සකස් කල බැටරියයි. මෙහි සියලු සිදුරු සීල් කර ඇත. අප මෙම වර්ගයේ බැටරියක් මිලදී ගැනීමේදී මෙම සීල් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුය.


Wet Battery

මෙහිදී ප්‍රධාන බැටරි වර්ග දෙකක් ඇත. එනම්,

·       Semi maintains free – (අර්ධ නඩත්තු  නැති)
·       Fully maintains free –(සම්පූර්ණ නඩත්තුව නැති)



Semi maintains free battery   

මෙම බැටරිය අර්ධ වශයෙන් නඩත්තු කළ යුතුය. එනම් ඇතුලත ද්‍රාවණය නැවත නැවත යෙදිය යුතු වීමයි. සාමන්‍යයෙන් මෙම බැටරියක් මාස තුනකට වරක් එහි ද්‍රාවණ මට්ටම පරීක්ෂා කළ යුතුය.

Fully maintains Free    

මෙම බැටරිය නඩත්තු කළ යුතු නැත. මෙහි ආයු කාලය අවසන් වූ පසු බැටරිය භාවිතයෙන් ඉවත් කිරීම පමණක් කල යුතුය. මෙහි ද්‍රාවණය නැවත පිරවීමක් සිදු කිරීම අවශ්‍ය නොවන අතර මෙහි මූඩි සීල් කර ඇත. මෙම බැටරිය අනෙක් බැටරියට වඩා මිල අධිකය. ආයු කාලය වැඩි අතර වගකීම් කාලයද වැඩි වේ.
බැටරියේ බාහිර කවරය
බැටරියක කවරය සෑදී ඇත්තේ අම්ල වරණ ද්‍රව්‍යයකිනි. එනම් අම සමඟ ප්‍රතික්‍රියා නොකරන ද්‍රව්‍යකිනි. එනම් Plastic Resin හා Hard Rubber වැනි ද්‍රව්‍ය වලිනි.

බැටරියේ ඇතුලත
බැටරියක් ඇතුලත කාමර වශයෙන් දක්නට ලැබේ. ඒවා Cell නමින් හැඳින්වේ. ඒවා,  
 Cell 3  - 6V
                              Cell 6 – 12V
                                                                   ලෙස යෙදී ඇත. මෙම එක් Cell එකක සම්මත වෝල්ටීයතා අගය 2V වේ.


Cell
          Cell එක ඇතුලත තහඩු පටි වශයෙන් දක්නට ලැබේ. ඒවා වර්ග දෙකකි. එනම් ,
          + තහඩු(Positive Plate)
          -තහඩු (Negative Plate)


+ තහඩුව දුඹුරු පැහැ වන අතර - තහඩුව අළුපැහැඅකින් යුක්තවේ. සෑම බටරියකටම එක් ක්ෂේත්‍රයක් තුළ + තහඩු සම්මත සංඛ්‍යාවක් සහ - තහඩු සම්මත සංඛ්‍යාවක් අඩංගුවේ. එම සම්මත සංඛ්‍යාව නම් + තහඩු සංඛාවට වඩා - තහඩු සංඛ්‍යාව 1කින් වැඩිවේ. එනම් + තහඩු 2ක් නම් - තහඩු 3ක් වේ.
+ තහඩු සහ - තහඩු 2කම ආරම්භක අවස්ථාවේදී දැලක ස්භාවයක් ගනී.










                   +
Pb +Sb











                   -
Pb+Sb


මේවා ඊයම් වලින් සාදා ඇත. ඊයම් යනු ඉතා මෘදු ලෝහයකි. එම නිසා ඇන්ටිමන් මිශ්‍ර කර ශක්තිමත් කර ඇත. ඊයම් වලින් පමණක් සෑදී තිබුණහොත් වාහනයක චලනය නිසා ඇදවී කැඩී යාමට ඉඩ ඇත. මෙසේ නිර්මාණය වී ඇත්තේ Dry බැටරිය පමණි. ඇන්ටිමන් මිශ්‍ර නිසා මෙහි ආයු කාලය අඩුවේ. දීර්ග ප්‍රතික්‍රියා හේතුකොටගෙන ආශෘත ජලය ඉක්මනින් වාශ්ප වීම , අධික ලෙස රත් වීම සිදුවේ. එමෙන්ම ඇන්ටිමන් හේතුකොටගෙන + තහඩුවේ තැනින් තැන විකලන ස්වරූපයක් තහඩුව අභ්‍යන්තයේ සිදුවී + තහඩුව ඉක්මනින් විනාශ වී යාම සිදුවේ.
                   නමුත් Wet බැටරියේ මෙම තහඩු නිර්මාණය කර ඇත්තේ ඊයම් හා කැල්සියම් සංයෝග එකතු කරමිනි. කැල්සියම් ඉතා මිල අධික මූල ද්‍රව්‍යයකි. එම නිසා කැල්සියම් මේ සඳහා එකතු කරන්නේ යම් කිසි අනුපාතයකටය. මෙසේ කැල්සියම් එකතු කිරීමෙන්  බැටරියේ ආයු කාලය වැඩිවේ.
                  

අම්ල මිශ්‍රණය සාදා ගැනීම
                 මේ සඳහා සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය 98% කෑන් එකක් අබා ගන්න. මෙය කලවම් කිරීමට ප්‍රථම ස්ථානය පුද්ගල ආරක්ෂාව පරිසර සැලකිල්ලට ගත යුතුය.

ස්ථානය
                 හොඳින් වාතාශ්‍රය සංසරණය වන ස්ථානයක් තෝරා ගන්න. එසේ නොමැතිනම් වාතය ඉවත් කිරීම සඳහා exhaust fan එකක් යොදාගෙන එම ස්ථානයේ ඇති වාතය ඉවත් කිමේ ක්‍රියා වලියක් සකස් කර ගන්න.

පුද්ගල ආරක්ෂාව
                 පුද්ගල ආරක්ෂාව සඳහා හිස්වැසුම් , ඇස් වැසුම්, මුඛ වැසුම්, නාස් වැසුම්, අත් වැසුම්, ශරීර වැසුම් , පාවැසුම් යොදා ගන්න.

පරිසර තත්වය
                 ඇසිඩ් කළවම් කිරීම සඳහා පරිසර උෂ්ණත්වය 200c යොදා ගන්නේ නම් ඉතා හොඳය.

මිශ්‍ර කරගන්නා ආකාරය
                 ඇසිඩ් කළවම් කිරීම සඳහා ආසෘත ජලය කෑන් එකක් යොදා ගන්න. ආසෘත ජලයට සාන්ද්‍ර අම්ලය කළවම් කිරීමට වග බලා ගන්න. සාන්ද්‍ර අම්ලයට ජලය කලවම් නොකරන්න. ආසෘත ජලය අම්ලයට කලවම් කිරීමට අම්ල වරණ භාජනයක් යොදා ගන්න.

                   පළමුව අම්ල වරණ භාජනයට ආසෘත ජලය ලීටර් 4 කෑන් 3ක් වක් කරන්න. ලීටර් 4 සාන්ද්‍ර අම්ලය (H2SO4) ටික ටික වක් කරන්න. ඊට පසු ඊට සුදුසු අම්ලවරණ හැන්දක් ගෙන කලවම් කරමින් උෂ්ණත්වය බලමින් නිවීමට හරිමින් කලවම් කිරීම කරන්න. සියලුම අම්ල කලවම් කිරීම අතරතුර අම්ල මිශ්‍රණය නිමෙන්නට මද වේලාවක් තබන්න. නිවීමෙන් අනතුරුව කලවම් කල අම්ලයේ විශිෂ්ඨ ගුරුත්වය ද්‍රවමානයක් භාවිතා කරමින් අම්ල මිශ්‍රණයේ විශිෂ්ඨ ගුරුත්වය මැන ගන්න.

සැළකිය යුතුයිඉහත සඳහන් පරිදි අම්ල මිශ්‍රණය කලවම් කිරීමේදී උෂ්ණත්වය වැඩිවන්නේ දැයි උෂ්ණත්ව මානයක් යොදාගෙන බලන අවස්ථාවේදී අම්ල මිශ්‍රණයේ උෂ්ණතය 500වඩා ඉහළ යනබව දුටුවහොත් වහා අම්ල මිශ්‍රණය කලවම් කිරීම නවතා ටිකවේලාවක් නිමෙන්නට හැරීමෙන් අනතුරුව නැවත කලවම් කිරීමට වග බලා ගන්න

විශිෂ්ඨ ගුරුත්වය (Specific gravity )


          යම්කිසි ද්‍ර‍ව්‍යයක බර ජලයේ බරට දක්වන අනුපාතය විශිෂ්ඨ ගුරුත්වය නම්වේ. විශිෂ්ඨ ගුරුත්වය මැනීම සඳහා ද්‍රවමානය භාවිතා කළ හැක. මෙම අගය පරිසර උෂ්ණත්වය සමඟ අඩුවැඩි වනු ඇත.


බැටරි ආරෝපණය

          වාහනයක් ධාවනය වන අවස්ථාවේ දී එන්ජිම මඟින් කරකවනු ලබන ජනකයෙන් බැටරිය සෙමින් ආරෝපණය වීම සිතු කරයි. මේ නිසා වාහනයක අති බැටරියක් බාහිර ප්‍රභවයක් මඟින් ආරෝපණයක් සිදු කිරීම අවශ්‍ය නොවේ. නමුත් වාහනයේ ආරෝපණ පද්ධතිය දුර්වල අවස්ථාවක හෝ වාහනය කලක් ධාවනය නොකර සිටි අවස්ථාවක බැටරිය බාහිර ප්‍රභවයක් මඟින් ආරෝපණය කළ යුතුවේ. එම අවස්ථාවේදී බැටරි ආරෝපකයක් එනම් Battery Charger එකක් භාවිතා කළ යුතුය. මෙම උපරකණයෙන් AC ධාරව DC බවට පත් කර බැටරිය ආරෝපණය කරයි


බැටරියක් ආරෝපණය කිරීමේදී එය ක්‍රම කිහිපයකට සිදු කළ හැක. එම ක්‍රම වන්නේ,
Ø ප්‍රාථමික ආරෝපණ ක්‍රමය
Ø සාමාන්‍ය ආරෝපණ ක්‍රමය
Ø අධි ආරෝපණය

ප්‍රාථමික ආරෝපණ ක්‍රමය
                    අළුතින් මිලදී ගන්නා බැටරියකට කරනු ලබා ආරෝපණ ක්‍රමය ප්‍රාථමික ආරෝපණ ක්‍රමය නම්වේ. (ඇසිඩ් දමන ලද) මේ සඳහා බැටරියේ වෝල්ටීයතාවය සහ ධාරිතාව දැනගෙන සිටිය යුතුය. බැටරි‍යේ ධාරිතාවයෙන් 1/15 ක් ගෙන මෙම ආරෝපණය කරනු ලැබේ.

උදා -
                    (12V ,45Ah)
                   
                    ධාරිතාවය = 45 Ah
                                      = 45 15
                                      = 3A

                    බැටරි ආරෝපකයකින් පැය 15 කාලයක් 3A බැගින් බැටරියට ලබාදීමෙන් බැටරිය පූර්ණ ආරෝපණ තත්වයට පත් කර ගත හැක.

සැළකිය යුතුයි - බැටරිය ආරෝපකයට සම්බන්ධ කිරීමේදී පහත සඳහන් ක්‍රමයට සවි කිරීම හා ගැලවීම සම්මතයකි.
     
           සවි කිරීම = පළමුව + අග්‍රය  දෙවනුව - අග්‍රය
           ගැලවීම  = පළමුව - අග්‍රය දෙවනුව + අග්‍රය
සාමාන්‍ය ආරෝපණ ක්‍රමය

                    මෝටර් රථයකින් ආරෝපණය නොවන හෝ ආරෝපණය වන බැටරි ආරෝපණය කර ගත හැකි ක්‍රමයකි මෙම ක්‍රමය. බැටරියේ ධාරිතාවයෙන් 1/10 ගෙන කරනු ලබන ආරෝපණ ක්‍රමය සාමාන්‍ය ආරෝපණ ක්‍රමය නම් වේ.

අධි ආරෝපණය

මෙම ආරෝපණ ක්‍රමය බැටරියක් සඳහා යොදා ගැනීම අභ්‍යන්තරයේ ඇති කෝෂවල ඇති තහඩුවලට හානි දායකය. එමගින් බැටරි‍යේ ධාරිතාව සහ ආයු කාලය අඩුවීමට හේතු වේ. එම නිසා කිරීමට දෙයක් නොමැතිම අවස්ථාවක මිස මෙම ආරෝපණ ක්‍රමය භාවිතා කිරීම සිදු නොකල යුතුය.

          මෙසේ අධි ආරෝපණය කිරීමට ප්‍රථම බැටරියේ ඇති මූඩි ගැලවීම සිදු කළ යුතුය. එමෙන්ම බැටරියේ ඇතුලත තිබෙන ද්‍රාවණ මට්ටම ඉහල සීමාවේ තිබෙන බවට වග බලා ගත යුතුය. එසේ නොවුවහොත් බැටරිය පුපුරා යමට ඉඩ ඇත. මෙහිදීද බැටරියේ වෝල්ටීයතාවය සහ ධාරිතාවය දැන සිටිය යුතුය. බැටරියේ ධාරිතාව පැය එකක කාලයක් තුළ බැටරිය වෙත ලබා දීම අධි රෝපණයයි.


අග්‍ර හඳුනා ගැනීම
               අග්‍ර හදුනා ගැනීමට යම් යම් ක්‍රම කිහිපයක් ඇත . එනම්, + අග්‍රය විශ්ක්ම්භයෙන් විශාලය, - අග්‍රය විශ්කම්භයෙන් කුඩාය. අළුත් බැටරිවල + අග්‍රය රතු (+)සළකුණ ඇති වැස්මකින් කණුව වසා ඇත. - අග්‍රය (-)සළකුණ ඇති වැස්මකින් වසා ඇත. තවද  + අග්‍රය ඇති තැන + සළකුණද - අග්‍රය ඇති තැන - සළකුණද කොටා ඇත.යම් යම් අවස්ථාවලදී පැරණි බැටරි ආරොපණය කිරීමට සිදුවේ. එසේත් නොමැතිනම් පළුදු වූ බැටරි ආරොපණය කිරීමට සිදුවේ. එවැනි අවස්ථාවක බැටරියේ අග්‍ර හඳුනා ගැනීමට අපහසු වේ. එවැනි අවස්ථාවකදී අග්‍ර සොයා ගැන්මට පහත දැක්වෙන පරීක්ෂණ කළ හැක.
1.    මල්ටි මීටරය යොදාගෙන DCV කොටසට යොමු කර පරීක්ෂක අග්‍ර බැටරියේ කණු දෙක මත තබන්න. ඩිජිටල් මීටරයක් නම් එහි පෙන්වන පාඨාංකය  රින අගයක් නම් එහි අග්‍ර මාරුවී ඇත. ඇනලොග් මීටරයක නම් දර්ශක කටුව වම් පැත්තට ගමන් කරයි.
2.    මෙම පරීක්ෂණය සඳහා අම්ලවරණ බඳුනක්, කම්බි 2ක් , තනුක H2SO2  හෝ ලුණු මිශ්‍ර ජලය ටිකක් අවශ්‍යවේ.




මෙම පරීක්ෂණයෙන් පෙන්නුම් කරන්නේ වැඩිපුර වායු බුබුලූ පිටවෙන කම්බිය සහිත අග්‍රය - අග්‍රය වේ.

බැටරි ආරෝපණය කිරීම
               බැටරි ආරෝපණය කිරීමේදී එම බැටරි ඇමිණිය යුතු ක්‍රම දෙකක් ඇත. එනම්,
·       බැටරි ශ්‍රේණි ගත ලෙස ඇමිණීම
·       බැටරි සමාන්තර ගත වන ලෙස ඇමිණිම

මෙයින් වැඩි පුරම භාවිතා වනුයේ බැටරි ශ්‍රේණි ගතව අමුණා ආරෝපණය කිරීමයි.
මෙම ක්‍රම දෙකෙහි වෙනස වන්නේ ශ්‍රේණි ගත ක්‍රමයට ඇමිණිමේදී බැටරිවල වෝල්ටීයතාව (V) එකතු වේ. සමාන්තර ගත ක්‍රමයට ඇමිණිමේදී බැටරිවල ධාරිතාව (Ah) එකතු වේ.


අළුත් සාමාන ධාරිතා සහිත බැටරියක් ශ්‍රේණි ගත ක්‍රමයට අමුණා ආරෝපනය කර ගන්නා අකාරය

මෙහිදී අමුණා ඇති බැටරි වල වෝල්ටීයතාවේ එකතුව ගණනය කල යුතුය. උදාහරණයක් ලෙස 12V බැටරි 5ක් නම් එහි එකතුව 60V වේ. නිසා පළමුව ආරෝපක යන්ත්‍රයේ වෝල්ටීයතාව 60V ලෙස සකස් කල යුතුය. ඉන්පසු එක් බැටරියක ධාරිතාව ලබාගෙන එය 1/15 බෙදීමෙන් ලැබෙන ඇම්පියර් ප්‍රමණය ආරෝපණ යන්ත්‍රයෙන් ලබා දිය යුතුය.
උදා - 70Ah නම්
                   7015 = 4.6A
බැටරි ආරෝපක යන්ත්‍රයෙන් 4.6A ක් පැය 15 කාළයක් තුළ බැටරියට ලබා දීමෙන් එම බැටරි 5 පූර්ණ ආරෝපිත තත්වයට පත් කර ගත හැක.

අසමාන ධාරිතා ශ්‍රේණී ගතව අමුණා ආරොපණය කිරීම

මෙහිදීද ඉහත අකාරයටම බැටරිවල වෝල්ටීයතාව එකතු කර එම අගය ආරෝපක යන්ත්‍රයෙන් ලබා දිය යුතුයි. ඉන් පසු ධාරිතාව අසමාන නිසා එම ධාරිතා සියල්ලද එකතු කර  මුළු බැටරි ගණනින් බෙදා නැවත ඉහත ආකාරයටම එම අගා 15න් බෙදා ලබෙන ඇම්පියර් ගණන ආරෝපක යන්ත්‍රයෙන් පැය 15 කාලයක් ලබා දීමෙන් එම බැටරි පූර්ණ ආරෝපිත තත්වයට පත් කර ගත හැක.
පැරණි බැටරි ශ්‍රේණි ගත ක්‍රමයට ආරෝපණය කිරීම
මෙහිදීද ඉහත ආකාරයට බැටරි සම්බන්ධ කර එහි වෝල්ටීයතා එකතු කර ආරෝපක යන්ත්‍රයෙන් එම අගය ලබාදී, ධාරිතාව හෝ ධාරිතා එකතුව 10න් බෙදිය යුතුය. පරණ බැටරි ආරෝපණයේ සහ අළුත් බැටරි ආරෝපණයේ වෙනස වන්නෙ මෙම බෙදෙන සංඛ්‍යාව අනුවයි. එහි තේරුම වන්නේ මෙම බැටරිය පැය 10 කාලයක් ආරෝපණය කළ යුතු බවයි.

සමාන්තරගත ක්‍රමයට බැටරි අමුණා ආරෝපණය කිරීම
මෙම ක්‍රමයෙදී බැටරිවල වෝල්ටීයතාව 12V නම් බැටරි සියල්ලටම ලබා දෙන්නේ 12V වේ. නමුත් බැටරිවල ධාරිතා සියල්ල එකතු කර බැටරි ගණනෙන් බෙදා එම අගය 15න් බෙදිය යුතුය. ඉන් ලැබෙන ඇම්පියර් අගය නැවත බැටරි ප්‍රමාණයෙන් බෙදිය යුතුය. නමුත් මෙසේ ආරෝපණය කිරීමේදී වැඩි බැටරි ගණනක් ආරෝපණය කිරීමේදී වැඩි ඇම්පියර් ගණනක් බැටරිවලා දීමට සිදුවේ. නමුත් භාවිතයේ ඇති බැටරි ආරෝපක යන්ත්‍රවල ඇම්පියර් මීටරය අඩු පඨාංක ලබා ගන්නා බැවින් එය ප්‍රායෝගිකව සිදු කිරීමේදී ගැටළු ඇතිවේ. එබැවින් සමාන්තරගත ක්‍රමය අනුගමනය නොකරයි.




ආරෝපණයෙන් පසු බැටරියක් සඳහා කරනු ලබන පරීක්ෂණ

විශිෂ්ඨ ගුරුත්ව පරීක්ෂණය
          මෙම පරීක්ෂණය හයිඩ්‍රෝ මීටරයකින් හෝ  Refractro meter යකින් සිදු කළ හැක. පූර්ණ ආරෝපිත බැටරියක සෑම කෝෂයක් තුළ තිබිය යුතු විශිෂ්ඨ ගුරුත්ව අගය 1.250ක් පමණ විය යුතුය. එමෙන්ම පූර්ණ ආරෝපිත බැටරියක තිබිය යුතු උපරිම වෝල්ටීයතා අගය 14.4කි. එවිට කෝෂයක වොල්ටීයතාව 2.4V වේ.
අධි වෝල්ටීයතා විසර්ජන පරික්ෂාව

මෙය පරික්ෂා කිරීම සඳහා අධිවෝල්ටීයතා විසර්ජන මානයක් (High Voltage discharge tester) , (load tester) මගින් තත්පරයක් කාලයක් තුල බැටරිය ලබාගන්නා බැර වෝල්ටීයතාවය දැන ගැනීමට හැකිවේ. බැටරියක් මෝටර් රථයකට සවි කිරීමට පෙර බැර පරික්ශකයෙන් වෝල්ටීයතා අගය පරික්ෂා කර මෝටර් රථයට සම්බන්ධ කළ යුතුය





 6V                       12V                                State
6.30V                   12.68V                          100% Charged
6.20V                   12.45V                          75% Charged
6.10V                   12.24V                          50% Charged
6.02V                   12.06V                          25% Charged
6.00V                   12.00V                          Very Little useful
5.89V                   11.89V                          Discharged


Voltage with load state of charge 28oC 300Amp/15sec

11.00V                          100% Charged
10.00V                          75% Charged
09.60V                          50% charged
09.00V                          25% Charged
08.50V                          Very little useful
08.00V                          Discharged


කෝෂ පරික්ෂාව

          දැඩි රබර් කවරයක් සහිත බැටරිවල කෝෂ සම්බන්ධක බාහිරට පැමිණ ඇත. එම බාහිරට පැමිණ ඇති කෝෂ සම්බන්ධක වෙන වෙනම බැරයක් ලබාදී (cell tester ) එහි ලැබෙන අගය අනුව එනම් කෝෂයක බැර වෝල්ටීයතාව අනුව බැටරියේ කෝෂ වල හොඳ නරක පරික්ෂා කිරීමෙන් අනතුරුව මෝටර් රථයට සවි කර ගත හැක. ප්ලාස්ටික් කවරය ඇති , ප්ලාස්ටික් රෙසින් ඇති බැටරිවලට කෝෂ වෙන වෙනම පරික්ෂා කළ නොහැකි බැවින් මෙම කෝෂ පරික්ෂකය භාවිතා කළ නොහැකිය.

ස්තූතිය





Comments

Popular Posts