Auto Electrical Basic (Sinhala) 1



දිනෙන්දින දියුණුවන මෝටර් රථ අංශයේ දියුණුව කැපී පෙනෙන පද්ධතියක් ලෙස Auxiliary System එක හැදීන්විය හැක. බොහෝවිට රියදුරාගේ හෝ මගියාගේ ආරක්ෂාව, සුව පහසුව  ආදී කරණු වලට මෙහිදී වැඩි ඉඩක් ලැබී ඇත. එමෙන්ම වාහන නවීකරණය කිරීමේදීද මෙම පද්ධතිය පිළිබඳ වඩාත් අවධානය යොමු වේ. එම Auxiliary System එකේ යම් යම් අංග පිළිබඳ අධ්‍යනයක් මෙම වාර්තා පොත මගින් සිදු කර ඇත.



Auxiliary System එක සඳහා ප්‍රධාන වශයෙන් වාහනයේ ඇතී අංග කිහිපයක් අයත් වේ. එනම් ,
·       Wiper
·       Power Window
·       Power Mirror
·       Center Lock
·       Cooling System ( Radiator Fan )


ආදී ඒවා වේ. අනුව බැලූ විට Auxiliary System එක යනු වාහනයේ රියදුරාට/මගියාට එදිනෙදා වාහනයේ ගමන් කරන විට අවශ්‍යවන අංග එකතුවක් ලෙස හැඳීන්විය හැක. එසේත් නැත්නම් , රියදුරාගේ/මගියාගේ පහසුව සඳහා වාහනයේ ඇති උපාංග Auxiliary System එක ලෙස හැඳීන්විය හැක. 

Wiper System

ඉදිරිපස හා පිටුපස ප්‍රධාන වීදුරු (Windscreen ) පිරිසිදු කිරීමට මෙම පද්ධතිය යෙදී ඇත. මෙහිදී  Wiper ක්‍රියාකිරීමට එහි ඇතුඛත අංග කිහිපයක් උඅපයෝගී වේ. එනම්
·       Wiper Motor
·       Wiper Arm
·       Wiper Bled
·       Wiper Switch
ආදී උපාංග වේඑමෙන්ම වයිපරයක් ක්‍රියා කරන අකාරය අනුව වර්ග කිහිපයක් දක්නට ලැබේ. එනම් ,
·         Tandem System
·         Opposed System
·        

Single arm System
·         Single Arm Control System


Power Window
Power Window නවීන වාහනවල දක්නට ඇති එක සුවිශේෂී අංගයකි. පැරණි වාහනවල ලීවරයක් යොදා අතින් කරකවා ඉහලට පහලට යැවූ ජනෙල් වීදුරු නවීන වාහනවල මෝටරයක් මගින් ක්‍රියා කරවීමට සලස්වා ඇත. එය Power Window ලෙස හැඳීන්වේ. මෙය ලීවර ක්‍රමය යොදා ගත්තාට වඩා ඉතාමත පහසු මෙන්ම කාර්‍යක්ෂම වේ. මෙය සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියා කරයි

Center Locking System යනු ?
Center Locking System එක යනු එක් දොරක් Unlock කළ විට ඉතිරි සියලූ දොරවල් Unlock වන , එමෙන්ම එක් දොරක් Lock කළ විට අනෙක් සියළු දොරවල් Lock වන (රියදුරු දොර) පද්ධතියකි. මෙම පද්ධතිය නවීන වාහන වල දක් නට ලැබේ. මෙම පද්ධතිය නැති කාලවලදී වාහනයේ සියළු දොරවල් වැසීමට සිදුවිය. නමුත් මෙම පද්ධතිය නිසා එම අපහසුතාව මඟ හැරී ඇත. වර්ථමානයේ දී මෙම Center Locking System එක Remote Key භාවිතය දක්වා දියුණු වී ඇත. මෙහිදී සමාන්‍ය භාවිතයේදී මෙන් යතුරක් දොරේ යතුරු කටට දම Lock / Unlock කළ යුතු නැත. ඉතා පහසු සරළ එක් බොත්තමක් එබීමෙන් වාහනයේ සියළු දොරවල Lock /Unlock කළ හැක. එය ඉතා කාර්‍ය්ක්ෂම හා ආරක්ෂා කාරී වේ. එමෙන්ම සමහර Center Locking System Fuel Cap එක ඇරීම , වැසීමට පවා ක්‍රියා කරයි. තවද නවීන වාහන වල වාහනයේ වේගය අනුව දොරවල Auto Lock වේ. එමගින් ඇතුළත යන අයගේ ආරක්ෂාව තහවුරු වේ.( කුඩා ළමයි). එමෙන්ම Remote key එක ආවරණ සීමාවෙන් බැහැරව ගිය විට වාහනයේ දොරවල Lock වීමටද සමහර Center Locking System දියුණු කර ඇත.


Radiator Cooling system (fan)
මෙම පද්ධතිය තුළින් එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයක තබා ගැනීම සිදු කරයි. මෙහිදි ප්‍රධාන වශයෙන් Cooling System දෙකක් ඇත. එනම්,
·       Air Cooling
·       Liquid Cooling
                                          වේ. Air Cooling System ඉතා අඩුවෙන් මෝටර් රථ වල දක්නට ලැබේ. බොහෝ විට් ඇත්තේ Volkswagen Beetle වැනි වාහන වලයි. ඊට අමතරව බොහෝ මෝටර් සයිකල් වල මෙම Air Cooling System එක දක්නට ලැබේ. මෝටර් රථවල බොහෝ සෙයින් දක්නට ලැබෙන්නේ Liquid Cooling System එක වේ. මේ සඳහා Coolant නම් දියරය භාවිතා කරයි. මුල් කාලීනව මේ සඳහා වතුර භාවිතා විය. නමුය්ය් එමගින් එන්ජිම ඇතුලත මල කෑම නිසා වර්ථමානයේ Coolant භාවිතා වේ.
මෙම පද්ධතිය Engine Room එක ආශ්‍රිතව දක්නට ලැබේ. Water Pump එකක් මගින් Coolant එන්ජිම වටා ගෙනයයි. එමෙන්ම Thermostat Switch එකක් මගින් Coolant වල උෂ්ණත්වය Radiator Fan එක හරහා  පාලනය  කරයි. නවීන වහන වල මෙම Thermostat Switch එක වෙනුවට Thermostat Sensor භාවිතා කරයි. තවද Radiator Cap එක මගින් පද්ධතිය තුළ ඇති Coolant වල Pressure එක පාලනය කරයි.



එන්ජිමේ ඇති වතුර රත්වූ විට water Temp: switch එක විවෘත වේ. එම නිසා රේඩියේටර් ෆැන් එක ක්‍රියාත්ක වේ. මෙම අවස්ථාවේදීම Condenser Fan එකද ක්‍රියාත්මක වේ. මෙම පංකා දෙකම වෙන වෙනම සමාන්තර ගතව වේගයෙන් කැරකැවේ.
AC switch එක ක්‍රියාත්මක කළ අවස්ථාවේ Thermostat Switch එක විවෘත වී ඇතැයි සිතන විටද Radiator Fan එක සහ Condenser Fan එක වෙන වෙනම ක්‍රියාත්මක වනු ඇත.
Thermostat Switch එක වැසී ඇතැයි සිතූ විට සහ AC switch එක ක්‍රියාත්මක කළ පසු radiator Fan එක සහ Condenser Fan එක ශ්‍රේණිගතව සම්බන්ධවී අඩු වේගයකින් ක්‍රියාත්මක වනු ඇත


ස්තූතිය.



Comments

Popular Posts